රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, March 10, 2020

රවි කරුණානායක අත්අඩංගුවට ගැනීම තහනම් කරමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරේ !

හිටපු මුදල් ඇමැති රවී කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීම හෙට තෙක් වලක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

අද දිනයේ අභියාචනාධිකරණය විසින් මෙම තහනම නිකුත් කරනු ලැබුවේ කරුණානායක මහතා ඇතුළු සිව් දෙනෙකු විසින් ගොනු කරන ලද පෙත්සමක් සලකා බලමිනි.

තමන් ඇතුළු සිවු දෙනෙකු අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව අත්හිටුවන ලෙස ඔවුන් විසින් ගොනු කර ඇති පෙත්සම හෙට දිනයේ දී සලකා බලන තෙක් මෙම අතුරු තහනම් නියෝගය ක්‍රියාත්මකය.

බැඳුම්කර වංචාවට චූදිතයන් ලෙස නම් කරමින් රවි කරුණානායක මහතා ඇතුළු දස දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad