ප්‍රහාරයට ලක්වූ මධුසංක මහතා සඳහන් කරන්නේ වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන සමන්ප්‍රිය හේරත් මහතාගේ අනුදැනුම මත ඔහුගේ සහෝදරයෙක් වන බණ්ඩාර නැමැත්තෙක් සහ ඔවුන්ගේ ආධාරකරුවන් පිරිසක් විසින් තම ත්‍රීරෝද රථය අලුත්වැඩියා කරගැනීම සඳහා ගරාජය වෙත ගොස් සිටියදී මෙම පහරදීම සිදුකළ බවයි.
කුලියාපිටිය ආසනය තුළ වෙනත් පුද්ගලයන්ට දේශපාලනය කිරීමට ඉඩ නොදෙන බවත්, පිටස්තර පුද්ගලයින් සඳහා සහයෝගය නොදක්වන ලෙසත් පවසමින් මෙම පහරදීම සිදුකර තිබේ.
කුලියාපිටිය රෝහලට ඇතුළත්කර ඇති ප්‍රහාරයට ලක්වූ මධුසංක මහතා සඳහා මේ වනවිට ප්‍රතිකාර කටයුතු ආරම්භ කර ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
– S කෝරලේගෙදර


No comments:
Post a Comment