සිරිසෙනගේ නිවස වටලා කලබලයක්.. ඔහු නායකත්වයෙන් පන්නා ශ‍්‍රීලනිපය තනිව ඉල්ලන්න යයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

සිරිසෙනගේ නිවස වටලා කලබලයක්.. ඔහු නායකත්වයෙන් පන්නා ශ‍්‍රීලනිපය තනිව ඉල්ලන්න යයි

මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා භාවිත කරන පැජට් පාරේ පිහිටි ඔහුගේ නිල නිවස ඉදිරියේ ඊයේ රාත්‍රියේ කලබලකාරී තත්ත්වයක් ඇතිවිය.

ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළ යුතු බවට බල කරන පිරිසක් එහි යම් කලබලකාරී හැසිරීමක නිරත වී තිබේ.

ඉදිරි මැතිවරණය සම්බන්ධයෙන් තරග කරන ආකාරය ගැන ඒ මොහොතේ එහි සාකච්ඡාවක් පැවැත්වෙමිනි තිබින.

කෙසේ වෙතත් අද දිනයේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධානින් අතර පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු මැතිවරණයට තරග කරන ආකාරය ගැන තීන්දු කිරීමට එම පක්ෂය තීන්දු කර ඇත.

දැනටමත් දිස්ත්‍රික්ක 4ක තනිව තරඟ වැදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබේ.

මේ අතර සමාජ ජාල ඔස්සේ වාර්තා වන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා පත්කිරීමේ සූදානමක් ඇති බවයි.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා දැනටමත් පොදුජන පෙරමුණෙන් තරග වැදීම සදහා නාම යෝජනාවලට අත්සන් තබා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad