"මාවත් සමඟි ජන බලවේගයට ගන්න" - නවින්ගෙන් සජිත්ට පණිවිඩ පිට පණිවිඩ - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, March 11, 2020

"මාවත් සමඟි ජන බලවේගයට ගන්න" - නවින්ගෙන් සජිත්ට පණිවිඩ පිට පණිවිඩ

ග්‍ර රනිල් වික්‍රමසිංහ හිතවාදියෙකු වන එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා තමන්වත් සමඟි ජන බලවේගයට එක්‌ කර ගන්නා ලෙස එහි නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත පණිවිඩ පිට පණිවිඩ එවමින් තිබෙන බව වාර්තා වේ.
අලියා ලකුණ හැර වෙනත් ලකුණකින් තමන් ජන්දය ඉල්ලන්නේ නැති බවත් ඔය සන්ධානවල ව්‍යවස්ථාවේ ප්‍රශ්න තිබෙන බැවින් නාම යෝජනා ලැයිස්තු අවලංගු විය හැකි බවට නවින් දිසානායක මහතා පසුගිය දින වල අදහස් දැක්විය.

මේ වන විට ඔහුගේ සොහොයුරු, මහනුවර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා සමඟි ජන බලවේගයට සහය දැක්වීමට ඉදිරිපත් වී සිටියි.


No comments:

Post a Comment

Post Bottom Ad