මර්වින් සිල්වාව CIDයට කැඳවයි ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, March 16, 2020

මර්වින් සිල්වාව CIDයට කැඳවයි !

හිටපු ඇමැති මර්වින් සිල්වා මහතාට හෙට (18) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ඒ ජාතික රූපවාහිනි පරිශ්‍රයට කඩා වැදී කලහකාරී ලෙස හැසිරීමේ හා දේපළවලට හානිකිරීමේ චෝදනාව සම්බන්ධ විමර්ශනයටය.
නාරාහේන්පිට පොලිසිය මගින් කොළඹ 5, පාක් පාරේ ​අංක 296/7, හි පිහිටි හිටපු ඇමැති මර්වින් සිල්වාගේ නිවසට මේ බව ඊ​යේ (16) දැනුම් දී ඇත.

ඔහුට මේ කැඳවීම සිදුකර ඇත්තේ වසර 13කට පසුව වීමද විශේෂිතය.

2007 දෙසැම්බර් 27 වැනිදා රූපවාහිනි සංස්ථාවේ සිදුකළ කලහකාරී සිද්ධියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ ඒකකයේ හෙට (18) උදෑසන 10.00ට පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

හිටපු ඇමැතිවරයාට ඉකුත් මාර්තු 8 වැනිදා නාරහේන්පිට පොලිසිය මගින් කැඳවීමක් කර තිබූ අතර එහිදී අමාත්‍යවරයා නැවත දිනයක් ඉල්ලා තිබිණි.


No comments:

Post a Comment

Post Bottom Ad