ඇමරිකාව කොරෝනා රෝගීන් ලක්‍ෂ 05 ආසන්නයේ.. ඊයේ දිනයේත් වැඩිම රෝගීන් හා මරණ ඇමරිකාවෙන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

ඇමරිකාව කොරෝනා රෝගීන් ලක්‍ෂ 05 ආසන්නයේ.. ඊයේ දිනයේත් වැඩිම රෝගීන් හා මරණ ඇමරිකාවෙන්

යේ දිනයේදීද ලෝකයේ වැඩිම කොරෝනා මරණ ප්‍රමාණය සහ නව රෝගීන් ප්‍රමාණය ඇමෙරිකා එක්සත් ජනපදයෙන් වාර්තා වී ඇත.

නව රෝගීන් 33,500කට වැඩි ප්‍රමාණයක් සහ නව මරණ 1900 වැඩි ප්‍රමාණයක්  ඊයේ දිනයේ වාර්තා කරමින් ඇමරිකාව මේ වනවිට කොරෝනා රෝගීන් 460,000 ඉක්මවා සිටී.

ඊයේ දිනයේ ප‍්‍රංශය මරණ 1341ක්, එක්සත් රාජධානිය 881, ස්පාඤ්ඤ 655 ක් ආදී වශයෙන් මරණ වාර්තා කර ඇත.

මේ වන විට ලොව පුරා කොරෝනා ආසාදිතයන් 16 ලක්ෂය ඉක්මවා ඇති අතර මරණ ප්‍රමාණය 95000 ඉක්මවා තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad