කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

කිතුණු බැතිමතුන් මහත් බැතියෙන් සමරණ මහ සිකුරාදා අදයි

ලොව පුරා කිතුණු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන මහ සිකුරාදා දිනය අද (10) යෙදී තිබේ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුරුසයක් මත දිවි පිදීමේ සිදුවීම සිහිපත් කරමින් ලොව පුරා කිතුණු බැතිමතුන් කිතු සමිඳාණන්ගේ කුරුසවත් යාගය අද දිනයේ සිදුකරයි.
කෙසේවෙතත් මේ දිනවල පවතින කොවිඩ් නයින්ටීන් වෛරස් තත්ත්වය හේතුවෙන් දේවමෙහෙයන් සදහා සහභාගී නොවී නිවසේ සිට මහ සිකුරාදා දිනය සමරන ලෙසයි කතෝලික පූජකවරුන් විසින් කිතුණු බැතිමතුන් වෙත දැනුම් දී ඇත.

ඒ අනුව මහ සිකුරාදා දිනය සිහිපත් කරමින් අද දිනයේ දේවස්ථානවල දේව මෙහෙයන් සිදු වන්නේ නැහැ.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ දුක් ප්‍රාප්තිය සිහි කරමින් කිතුණු බැතිමතුන් අළු බදාදායින් ඇරඹුණු දින 40 ක් පුරා නිරාහාර ශීලය, දානමාන, කිතු සමිදානන්ගේ කුරුස ගමන සිහිපත් කරන පාද නාමස්කාරයේ නිරතවීම වැනි ආගමික කටයුතුවල නිරත විය.

මේ අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණයෙන් පසු උත්ථානය වීම සිහිපත් කිරීම නම් පාස්කු ඉරිදා දිනය ලබන 12 වනදාට යෙදී තිබේ.


No comments:

Post a Comment

Post Bottom Ad