සුදුවැල්ලේ ස්වයං නිරෝධායනය මඟ හරිමින් සිටි පිරිසගෙන් පියතුමා කළ සංවේදී ඉල්ලීම - (video) - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, April 9, 2020

සුදුවැල්ලේ ස්වයං නිරෝධායනය මඟ හරිමින් සිටි පිරිසගෙන් පියතුමා කළ සංවේදී ඉල්ලීම - (video)

ජාඇල - සුදුවැල්ල ප්‍රදේශයේ ස්වයං නිරෝධායන කටයුතු මඟ හරිමින් සිටි පුද්ගලයින් 23 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

එම ප්‍රදේශයෙන් වාර්තා වුණු කොවිඩ් 19 ආසාදිතයෙකු සමඟ අදාළ පිරිස සෘජුවම සම්බන්ධතා පැවැත්වීම හේතුවෙන් නිවෙස් තුළම ස්වයං නිරෝධානයට ලක් කර සිටි ඔවුන් එම ක්‍රියාවලිය මඟ හරිනා බවටයි තොරතුරු ලැබී තිබුනේ.
ඒ අනුව සිදුකළ බුද්ධි මෙහෙයුමක් මඟින් ඊයේ (09) දිනයේදී නාවික හමුදා භාරයට ගත් එම පිරිස ඔලුවිල් ප්‍රදේශයේ ස්ථාපිත නාවුක හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිර තිබෙනවා.

ප්‍රදේශයේ කතෝලික දේවස්ථානයේ පියතුමා මෙම පිරිසට කරුණු පැහැදිලි කර ස්වේඡ්චාවෙන් නිරෝධායනයට යන ලෙස සංවේදී ඉල්ලීමක් කරන අකාරයද එහිදී දක්නට ලැබුනා.


No comments:

Post a Comment

Post Bottom Ad