තොණ්ඩමන්ගේ අභාවය නිරෝධායන නීති විශාල වශයෙන් කඩයි.. අවමගුල් රාජ්‍ය උත්සවයත් ඇදිරි නීතිය කඩමින්.. අගමැතිටත් චෝදනා ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 28, 2020

තොණ්ඩමන්ගේ අභාවය නිරෝධායන නීති විශාල වශයෙන් කඩයි.. අවමගුල් රාජ්‍ය උත්සවයත් ඇදිරි නීතිය කඩමින්.. අගමැතිටත් චෝදනා !

අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල කටයුතු සංවිධානය කරද්දී මේ වන විටත ක‍්‍රියාත්මක රෝග නිරෝධායන නීති රෙගුලාසි විශාල වශයෙන් උල්ලංඝනය වීම් සිදුවන බවට චෝදනා එල්ල වෙයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු මහජන නියෝජිතයන් විසින්ද මෙම රෙගුලාසි උල්ලංඝනය කරමින් සිටින බව සමාජ ජාලයන්හි විවේචන එල්ල වෙයි.


අමාත්‍යවරයා අභාවයට පත් වූ සැනින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඔහුගේ නිවසට ගොස් ඔහුගේ පුත්‍රයා වැල වැළඳ ගත් බවත් ඒ සමග සිටි පිරිස අතර කිසිදු සමාජ දුරස්ථභාවයක් නොතිබූ බවත් ඒ සියල්ල නීති උල්ලංඝනය කිරීම් බවටත් අදහස් පල වෙයි.

එමෙන්ම දින පහක් පුරා මෙම අවමංගල කටයුතු සංවිධානය කිරීමේදී මහජන රාශීන් ගණනාවක්ම සංවිධානය කර ඇති අතර් අවසන් අවමංගල කටයුතු සංවිධානය කර ඇත්තේ රටපුරාම ඇදිරිනීතිය පනවා ඇති 31 වැනිදාද වෙයි.



කොරෝනා වසංගතය මැඩලීම සහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති මාර්ගඋපදේශ ගණනාවක්ම මෙමගින් උල්ලංඝණය වී ඇති බව චෝදනා එල්ල වෙමින් තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad