ජනප‍්‍රිය නළුවෙකුගේ පුත‍්‍රයා මත්කුඩු සමග අත්අඩංගුවේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, May 28, 2020

ජනප‍්‍රිය නළුවෙකුගේ පුත‍්‍රයා මත්කුඩු සමග අත්අඩංගුවේ !

ත්කුඩු සම්බන්ධ නඩුවකට අත්අඩංගුවට ගෙන දැනට මීගමුව බන්ධනාගාරයේ රඳවා සිටින ජනප්‍රිය ටෙලි නාට්‍ය නළුවකුගේ පුතකු විසින් මෙහෙයවන ලද මහා පරිමාණ මත්කුඩු සහ ඩාන්සින් ටැබ්ලට් ජාවාරමක් වැටලූ පෑලියගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් රුපියල් ලක්ෂ හැටපහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සහ ඩාන්සින් ටැබ්ලට් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මත්කුඩු සම්බන්ධ වරදකට රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිට මීට මාස දෙකකට පෙර ඇප මත නිදහස්ව පැමිණ සිටි පෑලියගොඩ නගර සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරයකුගේ සොහොයුරකු බව කියන පුද්ගලයකු පසුගිය 25 වැනිදා 4 කණුවේ මහජන බැංකුව අසලදී එක්ස්ටේල් වර්ගයේ සුඛෝපභෝගී ජීප් රථයකින් හෙරොයින් ග්‍රෑම් 25ක් ප්‍රවාහනය කරමින් සිටියදී ප්‍රථමයෙන් අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහුගෙන් ලද තොරතුරු මත අනෙක් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අත්අඩංගුවට ගත් 26 වැනිදා අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රැඳවුම් නියෝග ලබා ගත් පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම මහා පරිමාණ මත්කුඩු ජාවාරමට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව කියන දෙවැනි සැකකරු කැලණිය බුළුගහ හන්දියේදී ඩාන්සින් ටැබ්ලට් (විස මත්ද්‍රව්‍ය) 1900ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 3500ක් සමඟ අත්අඩංගුවට ගත් පොලිසිය, ඔහුගෙන් ලබාගත් තොරතුරු මත ජාවාරමේ තුන්වැනි සැකකරු පෙරේදා (27දා) කැලණිය මෑවැල්ලේ සුපිරි වෙළෙඳසලක් අසලදී මත්කුඩු මිලිග්‍රෑම් 3200ක් ප්‍රීමියර් වර්ගයේ සුඛෝපභෝගී කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත. මොවුන් කණ්ඩායමක් ලෙස එක්ව මෙම ජාවාරම සිදු කර ඇත. මෙම ඩාන්සින් මත් පෙති රාත්‍රි සමාජ ශාලාවලදී පාවිච්චි කරන බවත් එක් පෙත්තක් රුපියල් 3000ත් 3500ත් අතර මිලකට අලෙවි කරන බවත් පොලිසිය පැවසීය.

ඉකුත් වසරේ පෑලියගොඩ මල්වත්ත පාරේ නිවෙසකදී මත්කුඩු කිලෝ එකහමාරක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරාද මෙම ජාවාරම පසුපස සිටින බව පොලිසිය කරුණු අනාවරණය කරගෙන ඇත. පෙරේදා (27දා) අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ඊයේ (28දා) කොළඹ අලුත්කඩේ අංක 5 අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කොවිඩ් 19 වසංගතයට මුවාවී ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පවතින කාල වකවානුවක බස්නාහිර පළාත තුළ සිදුවන මත්කුඩු ජාවාරම වටලන ලෙස බස්නාහිර පළාත භාර ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් සහ බස්නාහිර උතුර භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර යන උසස් නිලධාරීන්ගෙන් ලද උපදෙස් මත මෙම වැටලීම් සිදු කර ඇත.

– mawbima


No comments:

Post a Comment

Post Bottom Ad