සමගි ජනබලවේගයේ ජාතික ලැයිස්තු අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට අද කැඳවා තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ යැයි කියන සමලිංගික වීඩියෝවක් සමාජජාලාවල මුදා හැරියේ යැයි ලද පැමිණිල්ලකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීමට මෙසේ කැඳවීම් කර ඇත.
පැමිණිල්ල කර ඇත්තේ කාවින්ද ජයවර්ධන මහතා විසිනි.
අදාල වීඩියෝ පටය තමනට ලැබුවේ හිටපු ඇමති හරින් ප්‍රනාන්දු මහතාගෙන් යයි සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පොලිසිය ප්‍රශ්න කිරීම් හමුවේ ප්‍රකාශ කර ඇති නිසා මෙම කැඳවීම කර ඇත.
හිටපු පළාත් සභා මන්ත්‍රීනි මල්ෂා කුමාරතුංග මහත්මියගෙන්ද මේ සම්බන්ධයෙන් මීට පෙර ප්‍රකාශයක් සටහන් කරගන්නා ලදී.
Wednesday, May 27, 2020
හරීන් අපරාධ කොට්ඨාශයට අද කැදවයි.. පැමිණිල්ල කාවින්ද ජයවර්ධනගෙන් !
Tags
# ප්රවෘත්ති
Share This
About විගස පුවත් I Vigasapuwath
ප්රවෘත්ති
Labels:
ප්රවෘත්ති
Subscribe to:
Post Comments (Atom)
Post Bottom Ad
Author Details
විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප්රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක්‍රියාත්මක වන ප්රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු.
(බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

No comments:
Post a Comment