20 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතින් යෝජනා කර ඇති පරිදි ජනාධිපතිවරයා විසින් මැතිවරණ කොමිසම පත් කිරීමට වඩා පාර්ලිමේන්තුවට ඒ සඳහා බලය පැවරීම වඩා සුදුසු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.
එම පත්කිරීම ලබා දුන්නොත් එය වඩා ප්‍රායෝගික යැයි තම අදහස බව ඔහු පැවසීය.
මෙම සංශෝධනය සම්බන්ධයෙන් පුද්ගලිකව මහජන නියෝජිතයන් ලෙස අදහස ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බව ද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා මෙම අදහස් පළකළේ 20 වන ව්‍යවස්තා සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනි.
-Divaina

No comments:
Post a Comment