කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා - සජිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, November 20, 2020

කොරෝනා එන්නත දෙන තුරු අපි අරගල කරනවා - සජිත්

කොරෝනා එන්න ජනතාවට නොමිලේ ලබා දෙන තුරු සමගි ජන බලවේගය ජනතාවාදී අරගල සිදු කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

දැනට සාර්ථකත්වය ලබා ඇති එන්නත් ලොව අනෙක් රටවල් විසින් වෙන්කර ඉල්ලුම් කර අවසන් බවත් ශ්‍රී ලංකාව තවත් එවන් ක්‍රියාවලියකට සූදානමක් වත් නැති බවත් ඔහු පැවසීය.

කැනඩාව වැනි රටවල එම එන්නත් අතිරික්තයක්ද ඇති බවත් එවන් රටවල් වලින් හෝ ශ්‍රී ලංකාවට එන්නත් ලබා ගැනීමට ගිවිසුම් ගත විය යුතු බවද ඔහු කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්ධන වැඩපිලිවෙල ඩොලර් ගරන වැඩපිළිවෙළක් බවට පත් ව ඇති බවත් මුව ආවරණයෙන්, නිරෝධායනයෙන්, ගුවන් ටිකට්පත්, පරීක්ෂණ කට්ටලවලින් කොමිස් කාක්කන් කොමිස් ගසමින් සිටින බවද කියා සිටියේය.

පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad