දළදා මාළිගාවට ඉහළින් කේබල් කාර් ව්‍යාපෘතියක් – බුදුන් වැඩි රටේ ‘බොදුණුවන්’ කරන්න හදන වැඩේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 25, 2020

දළදා මාළිගාවට ඉහළින් කේබල් කාර් ව්‍යාපෘතියක් – බුදුන් වැඩි රටේ ‘බොදුණුවන්’ කරන්න හදන වැඩේ !

ළදා මාළිගාවට ඉහළින් කේබල් කාර් ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීම සඳහා සුදානම් වන බවට චෝදනා එල්ල වනවා.

මේ හේතුවෙන් මහනුවර නගර සභාව ඊට අනුමැතිය දීම ප්‍රමාද කරන බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මහනුවර මහ නගර සභාවේ සභාපති කේසර සේනානායක පවසන්නේ පාරිසරික ගැටලු සහ ළදා මාළිගාවට ඉහළින් කේබල් පද්ධතිය ස්ථාපනය කිරීම ආදී කරුණු කිහිපයක් හේතුවෙන් තමාට මෙම ව්‍යාපෘතියට අනුමැතිය ලබාදිය නොහැකි බවයි.

දකුණු කොරියාවේ කොරියා හෙරල්ඩ් (Korea Herald) පුවත්පත වාර්තා කර ඇති ආකාරයට මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් හිමිකරගෙන සිටින දකුණු කොරියාවේ ස්කයි ඒෂියා (Sky Asia) ආයතනයේ සභාපති යූ සන් හ (Yoo sun – ha) ව්‍යාපෘතිය වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 35 ක් අයෝජනය කිරීමට සූදානමින් සිටින අතර 2021 දී ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වනවා.

ස්කයි ඒෂියා සභාපතිවරයා කොරියන් හෙරල්ඩ් වෙත ප්‍රකාශ කර ඇති ආකාරයට එම ව්‍යාපෘතිය 2022 අවසානයේදී නිම කිරීමට අපේක්ෂා කෙරෙනවා.

මෙම කේබල් කාර් ව්‍යාපෘතිය කිලෝ මීටර් 2.2 ක් දිගින් යුක්ත වන අතර එය මහනුවර නගරය සහ හන්තාන සම්බන්ධ කිරීමට යෝජිතයි.


No comments:

Post a Comment

Post Bottom Ad