ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න - සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, November 18, 2020

ලංකාවට යුද අපරාධ චෝදනා ගොනු කරන්න - සංගරීගේ පුතාගේ යෝජනාව කැනඩාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානවහිමිකම් කවුන්සලය හමුවේ යුද අපරාධ චෝදනා ගොනු කිරීමට මැදිහත් වන ලෙස කැනේඩියානු පාර්ලිමේන්තු මන්ත්‍රී ග්‍රේ ආනන්ද සංගරී එරට රජයෙන් කරන ලද ඉල්ලීම කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර ඇත. ග්‍රේ ආනන්ද සංගරී යනු දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්ද සංගරීගේ පුත්‍රයාය.

ග්‍රේ ආනන්ද සංගරී විසින් දෙමළ ඊළාම් අන්තර්ජාතික රාජ්‍ය (TGTE) සංවිධානය සමග එක්ව කැනඩා රජයට ඉදිරිපත් කර ඇති පෙත්සමෙන් ඉල්ලා ඇත්තේ ජන සංහාරය, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ , යුද අපරාධ, වධහිංසා පැමිණවීම සහ බලහත්කාරයෙන් අතුරුදන් කරවීම යන චෝදනා ශ්‍රී ලංකාවට එරෙහිව පවතින බවයි. එම චෝදනා පදනම් කරගනිමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මුතියේ 32 වැනි වගන්තියට අනුව බලහත්කාරයෙන් අතුරුදන් කරවීමට එරෙහිව පිහිටුවා ඇති කමිටුව හමුවට ශ්‍රී ලංකාව යොමුකර දඬුවම් පැමිණවීමට කටයුතු කරන ලෙසද එම පෙත්සමෙන් ඉල්ලා ඇත.

මෙම පෙත්සමට නිල වශයෙන් ප්‍රතිචාර දක්වමින් කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජාතීන්ගේ අදාළ කමිටුවට ශ්‍රී ලංකාව යොමුකිරීමට කැනඩාවට බලයක් නොමැති බවයි. කෙසේ වෙතත් මානව හිමිකම් සම්මුතියට සම්බන්ධ ‘වෙනත් රාජ්‍ය’ ඒකාබද්ධව එවැනි ඉල්ලීමක් කරන්නේ නම් කමිටුවට අදාළ යෝජනා සළකා බැලීය හැකි බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇත. කෙසේ වෙතත් අතුරුදන්වීම් සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවලට ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳව සමීපව අධීක්ෂණය කරන බවද කැනඩාව ප්‍රකාශ කර තිබේ.

-colombotoday


No comments:

Post a Comment

Post Bottom Ad