PCR ප්‍රතිපල එන්න පෙර ‘ සිසුවෙක් ‘ පාසල් ඇවිත් – සිසුවාට කොවිඩ් බවට තහවුරුයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, November 26, 2020

PCR ප්‍රතිපල එන්න පෙර ‘ සිසුවෙක් ‘ පාසල් ඇවිත් – සිසුවාට කොවිඩ් බවට තහවුරුයි

ටවල පොලිස් වසමට අයත් කුයිල්වත්ත ප්‍රදේශයේ 17 හැවිරිදි වියේ පසුවන පාසල් සිසුවෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය වි ඇති බවට පි.සි.ආර් පරික්ෂණ වාර්තාව අනුව අද (26) දින තහවුරු වු බව අඹගමුව කොවිඩ්- 19 ප්‍රාදේශිය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ වැඩ බලන පරිපාලන මහජන සෞඛ්‍යය පරික්ෂක එස් කාමදේවන් ප්‍රකාශ කර සිටිනවා.

හැටන් කලාප අධයාපන කාර්යයාලය යටතේ පාලනය වන කුයිල්වත්ත දමිල විද්‍යාලයේ 12 වසරේ අධ්‍යාපනය ලබන අසාදිත සිසුවා ඊයේ (25) දින පාසලට ගොස් ඇතත්, පාසලේ විදුහල්පතිවරයා සහ අචාර්ය මණ්ඩලය විසින් එම සිසුවා කොළඹ සිට පැමිණිම හේතුවෙන් පාසලට භාරගෙන නොමැති බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.

අසාදිත සිසුවා ඔහුගේ මිත්තනිය සමග පාසල් නිවාඩුවට තම මව සහ පියා පදිංචිව සිටින ඔරුගොඩවත්ත ප්‍රදේශයේ නිවසට ගෙස් පාසල් ආරම්භ විමෙන් පසු අද (24) දින යලිත් වටවල දක්වා එන අතරතුර ගිනිගත්හේන කළුගල පොලිස් මුරපොලේදි අහඹු ලෙස පාසල් සිසුවාට සහ මිත්තනිය පි.සි.ආර් පරික්ෂණයට භාජනය කර ඇත.

අසාදිත පාසල් සිසුවා ඊයේ දින පාසල් භුමියට පැමිණිම නිසා එම පාසල විෂබිජහරණයට ලක් කිරිමට බලධාරීන් අද දින පියවර ගෙන තිබුණා.

මිත්තනියගේ පි.සි.ආර් පරික්ෂණ වාර්තාව මෙතෙක් ලැබි නොමැති බවත් අසාදිත පාසල් සිසුවා නිරෝදන මධ්‍යස්ථානයක් කරා යොමු කිරිමට පියවර ගන්නා බවයි මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා කියා සිටියේ.


No comments:

Post a Comment

Post Bottom Ad