මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඕනෑ - මරික්කාර් - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

මෘත දේහ ශීතකරණ වල දැම්මාට හරියන්නේ නෑ.. පැය 24න් භූමදානය කරන්න ඕනෑ - මරික්කාර්

මෝචරිවල හෝ අධිශීතකරණ වල මෘත දේහ දමා තබනවාට තමන් විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ ඉස්ලාම් ආගම අනුකූලව දේහයන් පැය විසිහතරක් ඇතුළත භූමදානය කළ යුතු බවයි.

එමෙන්ම කොරෝනා ආසාදිත සිංහල දෙමළ මුස්ලිම් ආදී සියලු ජාතිකයන්ට මූලික අයිතිවාසිකමක් වන භූමදානය ලබාදීමට නිසි ගෞරවය සහිතව රජය කටයුතු කළ යුතු බවද ඔහු කියා සිටියේය.

ලෝකයේ සියලු රටවල් භූමදාන සඳහා ඉඩ දී තිබිය දී මෙරට ඇති ජාතිවාදී ආණ්ඩුව ඊට ඉඩ නොදෙන බවද ඔහු පැවසීය.

අධිකරණ අමාත්‍යවරයා සමාජ ජාලවල සටහන් තබමින් නොසිට ඊට එරෙහිව හඬ නැගිය යුතු බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

කොරෝනා මෘතදේහ ආදාහනයට විරුද්ධව කොළඹදී පැවති විරෝධතාවයකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.


No comments:

Post a Comment

Post Bottom Ad