අමාත්‍ය C B රත්නායක සහ ජීවන් තොණ්ඩමන් නිරෝධායනයට යොමු කරයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 23, 2020

අමාත්‍ය C B රත්නායක සහ ජීවන් තොණ්ඩමන් නිරෝධායනයට යොමු කරයි


වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය සී.බී. රත්නායක මහතා සහ වතු යටිතල පහසුකම් සහ ප්‍රජා සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා ඔවුන්ගේ නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු කර තිබේ.
කොරෝනාවෛරසය අසාදනය වී ඇතැයි පසුගිය දා හඳුනාගත් ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති කදිර් සෙල්වම් මහතාගේ සමීපතම ආශ්‍රිතයෙකු වීම හේතුවෙන් ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු පිරිසක් ස්වයං නිරෝධායනයට යොමු කළ බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළ බව අප වාර්තාකාරිණිය පැවසීය.

ජීවන් තොණ්ඩමන් මහතා මෙම මස 17,18, 19 තෙදින තුළ ම කදිර් සෙල්වම් මහතාගේ ළඟ ම ආශ්‍රිතයෙකු ලෙස සමීපව කටයුතු කර ඇති අතර ඉදිරි දිනකදී තොණ්ඩමන් අමාත්‍යවරයා පී.සී.ආර්. පරීක්ෂණයකට භාජනය කිරීමට ද නියමිත වේ.

මේ අතර, අමාත්‍ය සී. බී. රත්නායක මහතා ද කදීර් සෙල්වම් මහතාගේ අශ්‍රිතයෙකු බැවින් සිය නිවස තුළ ම ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව ඔහුගේ පුද්ගලික ලේකම්වරයා සඳහන් කළේය.

නීටා පත්ම කුමාරි - නෝර්වුඩ්


No comments:

Post a Comment

Post Bottom Ad