එක එක්කෙනාගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්දයි - චන්දිම - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, December 30, 2020

එක එක්කෙනාගේ හිතුමතේට රජයේ දේපල විකුණනවාට මං විරුද්දයි - චන්දිම

ක එක්කෙනා හිතුමතේට රජයේ දේපල පුද්ගලීකරණය කරන්නේ නම් මහජන නියෝජිතයෙකු වශයෙන් තමන් ඊට විරුද්ධ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා සඳහන් කරයි.

නමුත් ආයෝජකයන් ගෙන්වාගෙන රට සංවර්ධනය කිරීමේ අවශ්‍යතාවයක් ඇති බවද ඔහු පැවසීය.

ඉමදුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා මේ බව කීය.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පෞද්ගලීකරණය කිරීම ගැන තවමත් තීන්දුවක් නැතැයි ද පැවසූ ඔහු රටක සුබදායිම හා සුගතිදායකම දේ ආණ්ඩුව විසින් සිදු කරයි යැයි විශ්වාස කරන බවද පැවසීය.


No comments:

Post a Comment

Post Bottom Ad