චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

චොකා මල්ලීට, දුමින්ද සිල්වාට සහ තංගල්ලේ හිටපු සභාපතිට වැලිකඩ රෝහලේ වෙනම තැනක්

කොවිඩ් වෛරස ආසාදිත රැඳවියන් වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කිරීමත් සමඟ එම රෝහලේ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලී , හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා සහ විදේශික තරුණියක දූෂණය කිරීමේ වරදට සිර දඬුවම් විඳින තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ රෝහලේ විශේෂිත වෙනත් ස්ථානයක රඳවා සිටින බව ද එම අරංචි මාර්ග සඳහන් කරයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 2600කට ඊයේ (12) දිනයේ ශීඝ්‍ර ප්‍රතිදේහ පරීක්ෂා (රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් ) සිදු කිරීමෙන් පසුව ඔවුන්ගෙන් 95කට කොවඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

ඔවුන් අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන ඇතුළු මරණීය දණ්ඩනයට නියම වූ සිකරුවන් 22ක් ඇතුලු ආසාදිත සිරකරුවන් 60 දෙනකු පමණ වැලිකඩ බන්ධනාගාර රෝහලට යොමු කොට ඇති බව බන්ධනගාර අරංචි මාර්ග සඳහන් කරයි.

මරණීය දණ්ඩනයට නියම වූ සෙසු රැඳවියන් ඇතුලු සිරකරුවන් ගල්ලෑල්ල රෝහලට ප්‍රතිකාර සඳහා යොමු කොට ඇත. කෙසේ වුවද එකම සිරකුටියක සිර දඩුවම් විඳින නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතාගේ පුත්‍රයාට රෝගය වලඳී නොමැති බවද වාර්තා වේ.

 -lankasara




No comments:

Post a Comment

Post Bottom Ad