පාස්කු ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්න – කාදිනල් හිමිපාණන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

පාස්කු ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්න – කාදිනල් හිමිපාණන්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව මගින් කෙරෙන විමර්ශන මෙතෙක් අවසන් කර නොමැති අතර; එතෙක් ප්‍රහාරය සම්බන්ධයෙන් වෙන වෙනම නඩු පැවරීමට ගත් තීරණය ප්‍රමාද කිරීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත. පාස්කු ප්‍රහාරය එල්ල වූ ස්ථාන අටට වෙන වෙනම නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව මීට පෙර සූදානම් විය.

එහෙත් ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා සකස් කර ජනාධිපතිවරයාට යොමු කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව වෙත ලැබීමට නියමිත අතර එම විමර්ශන වාර්තාවද අධ්‍යයනය කිරීමෙන් පසු නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

දැනට නඩු පැවරීමට මුල්වී ඇති කරුණු සහ ජනාධිපති කොමිෂන් සභාවේ විමර්ශන වාර්තා අතර පරස්පරතා ඇති වුවහොත් නඩු පවත්වා ගෙන යාමට බාධාවක් වන බව නීතිපති දෙපාර්තමේන්තුව මගින් හඳුනා ගෙන තිබීම ඊට හේතු වී ඇත.

මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර හා නීතිපති දප්පුලද ලිවේරා අතර සඳුදා (07) දින පැවැති සාකච්ඡාවේදී මේ බව අනාවරණය වී තිබේ. නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන් කරුණු පිළිබඳව අමාත්‍යවරයා කාදිනල් හිමිපාණන්ද දැනුවත් කර ඇත.

එහිදී කාදිනල් හිමිපාණන් අවධාරණය කර ඇත්තේ ප්‍රහාරයේ ‘‘මහ මොළකරු’’ අත්අඩංගුවට ගන්නා ලෙසයි.

No comments:

Post a Comment

Post Bottom Ad