සංචාරක ඇමති ප්‍රසන්න වුණාට සංචාරක ප්ලෑන් එක උදයංගගේ ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

සංචාරක ඇමති ප්‍රසන්න වුණාට සංචාරක ප්ලෑන් එක උදයංගගේ !

ළඹෙන දෙසැම්බර් 26 වැනිදා සිට ලබන වසරේ දෙසැම්බර් 26 වැනිදා දක්වා කාලය තුළ  රුසියානු, යුක්රේනියානු හා කසස්ථානු සංචාරකයින් 5000 ක් මෙරටට ගෙන්වා ගැනීමේ නව නියාමන තමා විසින් ඉදිරිපත් කළ බව හිටපු රුසියානු තානාපති උදයංග වීරතුංග මහතා අද(12) සිය ෆේස්බුක් පිටුවේ පල කර තිබේ.

එම සැලැසුමට අනුව ගුවන්තොටුපල විවෘත කර, මුහුදු තීරයෙහි හෝටල් තුළ නිරෝධායන නීති රීති වලට අනුකූලව විවේක ගැනීමට රජය අනුමැතිය දී ඇති බවද ඔහුගේ සටහනේ දැක්වේ.

පළමු මාසයේදී ගුවන්යානා 20ක් දිවයිනට රැගෙන ඒමට අදාල වගකීම ඔහු විසින් භාරගෙන ඇතැයි ද යහපාලනය සිදු කළ පළි ගැනීම්වලට පිළිතුරු ලෙස මෙය සිදු කරන බවද ඔහු සඳහන් කරයි.

අදාළ පෝස්ටුව පහත දැක්වේ.


































ගුවන් තොට අරින්නේ ජනවාරි 2වැනි සතියේ - බැසිල් කමිටු තීන්දුව

කෙසේවුවද, ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පැවැති සාකච්ඡාවකදී වසා දමා ඇති ගුවන්තොටුපොළ සංචාරකයින් සඳහා විවෘත කිරීමට අවධානය යොමුව ඇත්තේ ජනවාරි දෙවැනි සතියේදී බව මාධ්‍ය වාර්තා කර තිබේ.

සංචාරක හා ගුවන් සේවා අමාත්‍යාංශ කාර්යාලයේ පැවැති මේ සාකච්ඡාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග, පවිත්‍රා වන්නිආරච්චි, වෛද්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ඩි. වී. චානක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූ බවද එම අමාත්‍යංශය කියයි. 

සංචාරකයින් සඳහා දෛනිකව කළ හැකි පී.සී.ආර් පරීක්ෂණ සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දෙන නිර්දේශ මත ගුවන් තොටුපල විවෘත කිරීමේ අවසන් තීන්දුව ගනු ඇතැයි මේ අතර වාර්තා වේ. 

මුදල් ගෙවා මෙරටට පැමිණෙන පිරිස් සහ විශේෂ පුද්ගලයින්ට අමතරව සංචාරකයින් ලෙස පැමිණෙන පිරිස් සඳහා කළ හැකි දෛනික පී.සී.ආර් සංඛ්‍යාව එලෙස සොයා බැලෙනු ඇති බව ද පැවසේ. 

 දැනට ගුවන්තොටුපොළ ආශ්‍රිත දෛනික පී.සී.ආර් සංඛ්‍යාව 3000 ක් පමණ වෙතැයි වාර්තා වේ.


No comments:

Post a Comment

Post Bottom Ad