කොරෝනා නසන රාවණ පරපුරේ ඔසුව සාර්ථකයි.. වෛද්‍ය වාර්තා රැසකින් සනාථයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

කොරෝනා නසන රාවණ පරපුරේ ඔසුව සාර්ථකයි.. වෛද්‍ය වාර්තා රැසකින් සනාථයි

රිටිගල සිංහක්කාර පරපුර විසින් නිෂ්පාදනය කරන ලද කොරෝනා ඖෂධය සාර්ථකත්වයට පත් වී ඇතැයි රිටිගල රාවණා පරපුරේ දේවින්ද ලක්සිරි රණසිංහ වෙද මහතා සඳහන් කරයි.

ඒ බව වෛද්‍ය වාර්තා රාශියකින් සනාථ වී ඇති බව ද ඔහු කියා සිටියේය.

රජය පැත්තෙන් සිදු කළ යුතු සායනික පරීක්ෂණ සඳහා ද මේ වන විට ඖෂධ ලබාදී ඇතැයි ඔහු පවසයි.

මෙම පරීක්ෂණ කටයුතු හැකි ඉක්මනින් අවසන් කර රාජ්‍ය අනුග්‍රහය ලැබුණහොත් සමස්ත ශ්‍රී ලාංකිකයන්ට ඖෂධ ලබා දිය හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු මේ බව කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad