සහරාන්ට උඩින් හිටපු කෙනා කවුද ? ඇයි එයා අල්ලන්න බැරි ? - මුජිබර් රහුමාන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

සහරාන්ට උඩින් හිටපු කෙනා කවුද ? ඇයි එයා අල්ලන්න බැරි ? - මුජිබර් රහුමාන්

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා නීතිය හමුවට පමුණුවන බවට පොරොන්දු වෙමින්, පාස්කු ප්‍රහාරය වාසියක් කර ගනිමින් බලයට පත් වූ වත්මන් ආණ්ඩුව එම ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට අසමත් වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසනවා. ආරක්ෂක අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය මේ රටේ මුස්ලිම් ජනතාවගේ අවශ්‍යතාවයක් මත සිදුවූවක් නොවන බවත්, මේ රටේ මුස්ලිම් ජනතාවට ඔවුන්ගේ සහෝදර ජනතාව මර‍ාගෙන මැරීමට තරම් ප්‍රශ්නයක් නොමැති බවත් ඔහු පවසනවා. ‍ඒ අනුව මෙය දේශීය හෝ විදේශීය කුමන්ත්‍රණයක් මත සිදුවූවක් බවත් සහරාන්ට හෝ එම ප්‍රහාරයේදී මරාගෙන මැරුණු පුද්ගලයන්ට හෝ පමණක් තනිව මෙවැනි ප්‍රහාරයක් එල්ල කළ නොහැකි බවද මන්ත්‍රීවරයා පවසනවා.

ඒ අනුව මෙම ප්‍රහාරය පිටුපස සිටින පුද්ගලයන්, සහරාන්ට උඩින් සිටි පුද්ගලයන් හෙළිදරව් කරගත යුතු බවයි මුජිබර් රහුමාන් මහතා පවසන්නේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතා, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ‍ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සහරාන්ට උඩින් සිටි පුද්ගලයෙකු පිළිබඳව සඳහන් කර ඇති බවත්, රජයේ නීතිඥයන් පවා එම උඩින් සිටි පුද්ගලයා පිළිබඳව දන්නා බවත් පෙන්වා දෙන මුජිබර් රහුමාන් මහතා පවසන්නේ එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට අසමත් වී ඇති බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad