සායනික පරීක්‍ෂණ වාර්තා එන තෙක් දේහීය කොරෝනා ඖෂධ බොන්න එපා..- පරීක්‍ෂණ මණ්ඩලය දැනුම් දෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

සායනික පරීක්‍ෂණ වාර්තා එන තෙක් දේහීය කොරෝනා ඖෂධ බොන්න එපා..- පරීක්‍ෂණ මණ්ඩලය දැනුම් දෙයි

කොරෝනා මර්දනය සඳහා මෙරටින් හඳුනාගන්නා ලද නව ඖෂධ වර්ග තුනක් සායනික පරීක්ෂණ සඳහා ජාතික පර්යේෂණ සභාවට භාර දී ඇත.

එම සායනික පරීක්ෂණ නිමා වන තුරු එකී ඖෂධ වර්ග භාවිතයෙන් වලකින්න එම පර්යේෂණ සභාවේ සභාපති විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දැනට සායනික පරීක්ෂණ සඳහා භාර දී ඇති ඖෂධ වර්ග පරීක්ෂණ සඳහා යොමු කර ඇති බවත් ඒවායේ ඇගයීම් වාර්තා කඩිනමින් රජය වෙත ලබා දෙන බවත් ඔහු සඳහන් කළේය.

එම ඖෂධ පරීක්ෂණ වාර්තා නිකුත් වන තුරු ඒවා භාවිතා නොකරන ලෙසත් දැනට හඳුන්වා දී ඇති නිරෝධායන රෙගුලාසි අනුව කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad