අනුමත නොකල කොරෝනා බෙහෙත් තහනම් කරන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

අනුමත නොකල කොරෝනා බෙහෙත් තහනම් කරන්නැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමය ඉල්ලයි

තු පිපෙන්නාක් මෙන් කොවිඩ් වයිරසයට විවිධ ඖෂධ බිහිවීමට පටන්ගෙන තිබෙනවා. සායනිකව ඔප්පු නොවූ මෙවැනි ඖෂධ නිෂ්පාදනය වහා අත්හිටුවිය යුතු යැයි රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරී සංගමයේ උප සභාපති වෛද්‍ය පී. හේවාගමගේ පවසයි.

යම් ඖෂධ වට්ටෝරුවක් දැනගත් පමණින් එම පුද්ගලයා වෛද්‍යවරයෙක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේද සහයෝගය ලැබෙමින් පැවැතීම කනගාටුවට කරුණක් බවද වෛද්‍ය හේවාගමගේ කියයි. මෙලෙස ඖෂධ නිෂ්පාදනය කිරීමට ඉඩ ලබාදීම හේතුවෙන් දේශීය වෛද්‍ය ක්‍රමය හෑල්ලුවට ලක්වන බවද හෙතෙම පැවැසීය.

ඖෂධයක් නිෂ්පාදනය කිරීමට වෛද්‍යවරයෙක් වීම අවශ්‍ය නොවුණද ඒ සඳහා වෛද්‍යවරයකුගේ උපදේශකත්වය අත්‍යවශ්‍ය බව පැවැසූ උප සභාපතිවරයා ධම්මික බණ්ඩාර නමැත්තා නිෂ්පාදනය කළ පැණිය උප​දේශකත්වයකින් තොරව නිෂ්පාදනය කළ එකක් බව කියා සිටී.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය පී.හේවාගමගේ මෙසේද කීය.

‘කොරෝනා මර්දනයට මෙම පැණියෙන් සහනයක් ලැබෙනවා නම් අපි කැමැතියි. හැබැයි ආයුර්වේද දෙපාර්තමේන්තුව මගින් මෙම පැණිය නියාමනය කළ යුතුයි. අපට නම් තේරෙන්නේ විවිධ බලපෑම් මත ආයුර්වේද දෙපාර්තමේන්තුව මෙම පැණිය නියාමනය කරන බවයි. මෙය නිවැරදිව සායනිකව ඔප්පු කළේ නැත්නම් දේශීය වෛද්‍ය විද්‍යාව තවත් අඩපණ වෙනවා. මටනම් පෙන්නේ දේශීය වෛද්‍ය විද්‍යාව විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් දියත් වෙන බවයි. මේක බටහිර චින්තකයන්ගේ කුමන්ත්‍රණයක් විය හැකිය.

චාමර පල්ලේගෙදර
– aruna


No comments:

Post a Comment

Post Bottom Ad