මහර මිය ගිය සියළු දෙනා මියගියේ ඔවුන් දෙපිරිසක් ගහගෙනයි.. රැදවියන් කිසිවෙකු වෙඩි වැදී මියගොස් නෑ - ඇමති රත්වත්තේ - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 3, 2020

මහර මිය ගිය සියළු දෙනා මියගියේ ඔවුන් දෙපිරිසක් ගහගෙනයි.. රැදවියන් කිසිවෙකු වෙඩි වැදී මියගොස් නෑ - ඇමති රත්වත්තේ

හර බන්ධනාගාරයේ රැඳවියන් මියගොස් ඇත්තේ ඇත්තේ ඔවුන් අතර ඇතිවූ ගැටුම්වලින් බව බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා සඳහන් කරයි.

පාතාල කල්ලි සහ මත්කුඩු කල්හි නියෝජනය කරන රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම් සිදුව ඇතැයි හෙළි වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම අවාසනාවන්ත සිද්ධිය ඇති වූයේ බන්ධනාගාරයේ රැඳවියන් අතර ඇතිවූ ගැටුමකින් බවද ඒ බව ජංගම දුරකථන වල වීඩියෝ පට පවා ඇතැයි ද ඔහු සඳහන් කළේය.

බන්ධනාගාර නිලධාරීන්ගේ වෙඩි පහරකින් මියගිය එකදු රැදවියෙකු හෝ නැති බව මරණ පරීක්ෂණ වලදී ද ඔප්පුවී ඇති බවත් පැවසූ ඔහු බන්ධනාගාර නිලධාරීන් වෙඩි තබා ඇති නමුත් එයින් කිසිවකු මියගොස් නැති බවද කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad