කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක් - කොරෝනා ඇමතිනි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

කොරෝනා පැණි මුලාවක්.. ධම්මික බණ්ඩාරගේ පැටිකිරිය දැන් රටම දන්නවා.. ජනතාව මුලා කිරීම පාපයක් - කොරෝනා ඇමතිනි

කොරෝනා මර්දන සඳහා යැයි කීමෙන් හඳුන්වාදී ඇති විවිධ පැණි වර්ග ජනතාව මුළා කිරීමක් යයි කොරෝනා පාලන පිළිබඳ රාජ්‍ය ඇමතිනි සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය සඳහන් කරයි. ඇය පෙන්වා දෙන්නේ බටහිර වෛද්‍ය විද්‍යාවේ දී කිසිම ඖෂධයක් ලියාපදිංචියකින් තොරව භාවිත කළ නොහැකි බවයි.

ඒ සඳහා පළමුව පර්යේෂණ කර ඖෂධයේ සාර්ථකත්වය විද්‍යානුකූල තහවුරු කළ යුතු බවද ඇය පෙන්වා දෙයි.

දේශීය හෝ ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමය තුලද ක්‍රමවේදයක් ඇති බවත් ඊට අදාළ ඖෂධ ආයුර්වේද වෛද්‍ය සභාවෙන් තහවුරු කරගත යුතු බවද පවසන ඇය රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතැයිද කියා සිටී.

හැඟීම් දනවන ආන්දෝලනාත්මක වාර්තාවලින් ජනතාව මුලා වන බවත් එවිට ජනතාවට කළ යුත්තේ කුමක්දැයි සිතාගත නොහැකි වන බවත් ඇය පෙන්වා දෙයි.

බොරු විශ්වාස ජනතාව අතරේ පැල කල විට ඔවුන් ඒ පාර වල යන බවත් එයින් සිදුවන්නේ කොරෝනා මර්දනයේ මූලික සෞඛ්‍යාරක්ෂිත පියවරයන් ඔවුන්ගෙන් ගිලිහී යාම බවත් එනිසාම ඔවුන් අවදානමට ලක් විය හැකි බවත් ඇය සදහන් කරයි.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධය ගැනද අදහස් පලකරමින් ඇය සඳහන් කරන්නේ ඔහු කවර පසුබිමක පුද්ගලයෙකු දැන් ජනතාව දන්නා බවයි.

මෙවන් දේ නීතිවිරෝධී බවත් කොරෝනා භාවිතා කරමින් මුදල් හම්බ කිරීමට හෝ ජනතාව මුලා කිරීමට කටයුතු කිරීමයි මහා පාපකර්මයක් බවත් ඇය පෙන්වා දෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad