‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට ආ සභාපතිට කොරෝනා.. බැසිල් සමග මැති ඇමතිවරු, නිලධාරීන්, ප‍්‍රා. මන්ත‍්‍රීවරු රැසක්ද ඇවිත් - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 21, 2020

‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට ආ සභාපතිට කොරෝනා.. බැසිල් සමග මැති ඇමතිවරු, නිලධාරීන්, ප‍්‍රා. මන්ත‍්‍රීවරු රැසක්ද ඇවිත්

කුත් 17 වෙනිදා මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත‍්‍රණ ශාලාවේදී බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත් වූ ‘ගම සමග පිළිසදරක්’ වැඩසටහනට සහභාගී වූ ආගරපතන ප‍්‍රාදේශීය සභා සභාපති කදීර්් සෙල්වම් මහතාට කොරෝනා වෛරසය වැළදී ඇති බවට පරික්‍ෂණ මගින් සනාථ වී තිබේ.

ඒ මහතා ඉකුත් 16 වෙනිදා කොරෝනා පරික්‍ෂණ සදහා පෙනී සිට ඇති අතර, 17 වෙනිදා මහනුවර පොල්ගොල්ලේදී පැවැත්වූ ගම සමග ඵිළිසදරක් වැඩසටහනට සහ නුවර ඵළිය දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය සභා සභාපතිවරු කිහිප දෙකනු සමග ගම සමග පිළිසදරක් වැඩ සටහනට සහභාගී වී තිබේ.

වාර්ථා වන අන්දමට මේ වන විිට එම සභාපතිවරුන්ටද නීරෝධායනය වන ලෙස දන්වා තිබේ.

එම වැඩසටහනට බැසිල් රාජපක්‍ෂ මහතා ඇතුළු මැති ඇමතිවරුන්ට අමතරය ප‍්‍රාදේශීය, නාගරික මන්තී‍්‍රවරු විශාල පිරිසක් පමණ පැමිණ තිබින.


No comments:

Post a Comment

Post Bottom Ad