සහරාන් අල්ලන්න බැරි වීම පිටිපස දේශපාලන බලපෑමක් - ජනපති කොමිසමේදී හෙළි වෙයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

සහරාන් අල්ලන්න බැරි වීම පිටිපස දේශපාලන බලපෑමක් - ජනපති කොමිසමේදී හෙළි වෙයි

2017 වර්ෂයේ කාන්තන්කුඩි අල්ලියාර් මංසන්දියේ ඇතිවු ගැටුමෙන් පසු සහරාන් හෂීම් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට නොහැකි වීමට යම් දේශපාලන බලපෑමක් හේතු වූ බව නීතිපති දෙපාර්තමේන්තුව පවසනවා. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මෙම අදහස් පල කලේ සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට අදාළව නීතිපති දෙපාර්තමේන්තුවේ පැවති ගොනු සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමේදී සාක්ෂි ලබාදෙමින්.

සහරාන් සහ රිල්වාන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවීම සම්බන්ධයෙන් යම් හේතු විමසීමක් සිදුකළේ දැයි මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපතිවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් විමසා සිටියා. 

යම් දේශපාලනික හේතුවක් ඇති බවට තමාට වැටහුණු බවත් එය ප‍්‍රාදේශිය වශයෙන් තිබූ සුවිශේෂි තත්ත්වයක් බවත් එහිදී ඔහු කියා සිටියා.

මේ අතර, සහරාන් හෂීම් සහ ජාතික තව්හිද් ජමාත් සංවිධානයට එරෙහිව නෛතික උපදෙස් ලබාගැනීම සඳහා පාස්කු ප‍්‍රහාරයට පෙර ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය නීතිපති දෙපාර්තමේන්තුවට යොමුකළ ගොනු දෙකක් සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඊයේ සාක්ෂි විමසීම සිදුකලා. 

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පැවසුවේ ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසය එවූ පළමු ගොනු දෙකෙහි නෛතික උපදෙස් දීමට තරම් ප‍්‍රමාණවත් කරුණු නොතිබූ බවයි. 
එහෙත් එවා තිබූ තුන්වන ගොනුවේ ඉතා වැදගත් තොරතුරු තිබූ නමුත් එය ලැබෙන්නේ ප‍්‍රහාරයෙන් පසු මැයි 06 වනදා බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ.

No comments:

Post a Comment

Post Bottom Ad