මහ පාරේ පවුලක් වැනසූ නරුමයා ටික් ටොක් දමන්න රේස් පැදපු පුද්ගලයෙක් - නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි පෙම්වතියගෙන් ඉල්ලීමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 6, 2020

මහ පාරේ පවුලක් වැනසූ නරුමයා ටික් ටොක් දමන්න රේස් පැදපු පුද්ගලයෙක් - නීතිය ක්‍රියාත්මක නොකරන්නැයි පෙම්වතියගෙන් ඉල්ලීමක්

මොරටුව එගොඩඋයන ප‍්‍රදේශයේ මෝසස් පටුමඟ අසල පදික මාරුවේදී දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ යතුරුපැදිකරු සමාජජාලා ගිණුම් වල පළ කිරීම සහ මුදල් ඔට්ටු තබා රේස් පැදීම සිදු කරන පුද්ගලයෙක් බව හෙළිවෙනවා.

ලහිරු ෆර්නැන්ඩෝ නම් විසිහැවිරිදි සැකකරු පුරුද්දක් වශයෙන් සෑම දිනකම රාත්‍රීයේ මහා මාර්ග වල අධික වේගයෙන් රේස් ධාවනය කර තිබේ. 

එවන් අවස්තාවන්හි වීඩියො පටිගත කර ෆේස්බුක්, ටික් ටොක් වැනි සිය සමාජජාලා ගිණුම් වල පළ කිරීමටද මෙම පුද්ගලයා කටයුතු කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ අධික වේගයෙන් රිය පදවා ඇති සැකකරු මීට පෙරද රිය අනතුරක් සම්බන්ධයෙන් අධිකරණයෙන් දඩ නියම වූ අයෙකු බවයි.

මේ අතර මාධ්‍ය ඇමතු මෙම විසි හැවිරිදි පුද්ගලයාගේ පෙම්වතිය ප්‍රකාශ කළේ රිය අනතුරක් සිදු කර දරුවන් දෙදෙනෙකුට දිවි අහිමි කළ සිය පෙම්වතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසත්, එම පවුලට මුදලින් උපකාර කිරීමට තමන් සුදානම් බවය.

මෙම අනතුරින් ගැබිනි මවක් වූ අදාල අනතුරකට ලක් වූ කාන්තාවගේ කුස තුල සිටි දරු ගැබද අහිමි වී තිබේ.






No comments:

Post a Comment

Post Bottom Ad