ලංකාවට කොරෝනා එන්නත් ගන්න ආසියානු සංවර්ධණ බැංකුවෙන් ණයක් ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

ලංකාවට කොරෝනා එන්නත් ගන්න ආසියානු සංවර්ධණ බැංකුවෙන් ණයක් !

කොරෝනා වයිරසය සඳහා භාවිතා කරන එන්නත් මාත්‍රා මිලියන 25ක් පමණ මිලට ගැනීමට ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුව ණය මුදලක් ලබාදී තිබේ.

ඇමරිකානු ඩොලර් මිලියන 84ක් වන එහි පළමු වාරිකය සැපයීමට මුදල් අමාත්‍යාංශය සහ ආසියානු සංවර්ධන බැංකුව ලේඛණ හුවමාරු කරගෙන තිබේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා සඳහන් කරන්නේ අවශ්‍යතාවය පරිදි මෙම මුදල ඇමරිකානු ඩොලර් මිලියන 200 දක්වා වැඩි කරගත හැකි බවයි.

ඒ බව ආසියානු සංවර්ධන බැංකු නියෝජිතයන්ට ද දැනුම් දී ඇතැයි ඔහු කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad