සෞඛ්‍ය විනාශයි... අමාත්‍යාංශ ලේකම් ඉවත් කර ඊට අනිල් ජාසිංහ මහතා පත් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

සෞඛ්‍ය විනාශයි... අමාත්‍යාංශ ලේකම් ඉවත් කර ඊට අනිල් ජාසිංහ මහතා පත් කරන්න - මුරුත්තෙට්ටුවේ හිමි

සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මේජර් ජනරාල් සංජීව මුණසිංහ මහතාව එම තනතුරෙන් ඉවත් කර ඊට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාව පත් කරන ලෙස වත්මන් රජයේ ප්‍රබල ආධාරකාර භික්ෂුවක් වූ අභයාරාම විහාරාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටී. 

"සෞඛ්‍යයක් දැන් නෑ. වැඩ කරන්නෙ නෑ මිනිස්සු. කළකිරීමෙන් ඉන්නෙ. ඒ නිසා මම ජනාධිපතිතුමාගෙන් බොහොම කාරුණිකව ඉල්ලීමක් කරනවා අපේ සංජීව මුණසිංහ මහත්තයා බොහොම දක්ෂම වෛද්‍යවරයෙක්, ඒ දක්ෂ වෛද්‍යවරයාට සුදුසු තැනක් දීලා මේ සෞඛ්‍ය ලේකම්කමට වෙන කෙනෙක් දාලා මේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විනාශ නොකර ගෙනියන්න. 

අපි ඉල්ලීමකුත් කරනවා එතනදි. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා දැන් පැල හිටවනවා. එතුමා වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ වෛද්‍යකමත් දැනගෙන පරිපාලනයත් දැනගෙන තැන ඔබින දේ කරන්නත් දැනගෙන එහෙම පුද්ගලයෙක් පැල හිටවන්න දානවා නම් ඔහුගේ පුහුණු මිනිස් ශ්‍රමය අපතේ හැරීමක් මේ කරලා තිබෙන්නෙ. 

ගරු ජනාධිපතිතුමනි, ඔබතුමාට කවුරු උපදෙස් දුන්නාද අපි දන්නෙ නෑ. නැවත වාරයක් මේ අපේ අනිල් ජාසිංහ මහත්තයා පැල හිටවීම අත්හැරලා දාලා මේ කොරෝනා පැලේ ඉවත් කරන්න එතුමාගෙන් උපදෙස් ගන්න කියන එකයි අපි කියන්නෙ" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මේ බව පැවසුවේ ඊයේ (25) මාධ්‍ය වෙත ප්‍රකාශයක් නිකුත් කරමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad