ජනතාව මෙතරම් පීඩාවට පත්වෙලා ඉද්දී මොන ඡන්දද ? ඇයි මේ තියෙන බලය ආණ්ඩුවට මදිද ? - ගුණවංශ හිමි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 14, 2020

ජනතාව මෙතරම් පීඩාවට පත්වෙලා ඉද්දී මොන ඡන්දද ? ඇයි මේ තියෙන බලය ආණ්ඩුවට මදිද ? - ගුණවංශ හිමි

කොරෝනා වසංගතය හමුවේ ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටියදී ආණ්ඩුව තම හෙංචයියන්ට වරප්‍රසාද ලබාදීම සඳහා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව රජයට හිතවත් ප්‍රබල භික්ෂුවක් වන ඇල්ලේ ගුණවංශ හිමියන් පවසයි. 

"මේ දිනවල අපට මොන ඡන්දද ? අපේ රටේ ජනතාව බහුතරයක් ඉතාමත්ම දුකෙන් විවිධ ගැටළුවලින් ප්‍රශ්නවලින් මිරිකී ජීවත් වෙන කාලයක් මේ කොරෝනා ප්‍රශ්නයත් එක්ක. ඒනිසා මැතිවරණ පැවැත්වීම යනු තවත් විශාල ජාතික ධනයක් ඒ මැතිවරණය සඳහා යෙදවීමක් හැටියටයි අපි දකින්නෙ. 

එනිසා මේක මේ ජනතාව විසින් ඉල්ලපු මැතිවරණයක් නෙවෙයි. ජනතාව ප්‍රතික්ෂේප කරපු පළාත් සභා මැතිවරණය තුළින් හෙංචයියන් රාශියකට වරප්‍රසාද වරදාන ලබාදීමේ උත්සාහයක් හැටියටයි අපි දකින්නෙ. උතුරු නැගෙනහිර ජනතාවවත් මේ පළාත් සභා මැතිවරණය ඉල්ලන්නෙ නෑ. මොකක්ද මේ මෙච්චර කැක්කුමක් මේ ඡන්දය පවත්වන්න ? මොකද මෙච්චර බලය ඒකරාශී කරගන්න හදන්නෙ ? තුනෙන් දෙකක බලය අරන් දුන්නා, 69 ලක්ෂයක් ඡන්ද දුන්නා, 20 වැනි සංශෝධනය ගෙනල්ලා තව බලය එකතු කරගත්තා. දැන් පළාත් සභා පවත්වලා ඒ බලයත් රැස්කර ගන්න හදන්නෙ, කුමක්ද කරන්න හදන්නෙ ? මේ තියෙන බලය මදිද කියන එක අපි මේ වෙලාවෙ ඉතාම පැහැදිලිව රජයෙන් ප්‍රශ්න කර සිටිනවා" යනුවෙනුයි එහිමි සඳහන් කළේ. 

ඇල්ලේ ගුණවංශ හිමියන් මේ බව පැවසුවේ ඊයේ (13) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමිනි. 


No comments:

Post a Comment

Post Bottom Ad