ඇප පිට නිදහස් වූ පිල්ලෙයාන් පිළිගන්න ‘පාසල් තූර්ය වාදක කණ්ඩායමක් ‘ යොදා ගනී – අධ්‍යාපන බලධාරීන් නිහඬයි..ආණ්ඩුකාරවරියත් දන්නේම නැති ලු - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 13, 2020

ඇප පිට නිදහස් වූ පිල්ලෙයාන් පිළිගන්න ‘පාසල් තූර්ය වාදක කණ්ඩායමක් ‘ යොදා ගනී – අධ්‍යාපන බලධාරීන් නිහඬයි..ආණ්ඩුකාරවරියත් දන්නේම නැති ලු

පාර්ලිමේන්තු මන්ත්‍රී, සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන්ගේ පිළිගැනීමේ උත්සවයකට මඩකලපුව, කල්කුඩා අධ්‍යාපන කලාපයට අයත් පංචන්කර්නි විදුහලේ තූර්ය වාදක කණ්ඩායම යොදා ගැනීම සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ලංකා ගුරු සංගමය නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගෙන් ඉල්ලා සිටිනවා.

දේශපාලන රැස්වීම්වලට පාසල් දරුවන් යොදා නොගත යුතු බවටත් කොරෝනා වසංගත ව්‍යාප්තිය තුළ පාසල් දරුවන් කිසිදු බාහිර කි‍්‍රයාවකට යොමු නොකළ යුතු බවටත් අධ්‍යාපන අමාත්‍යාංශය හා රජය අවස්ථා ගණනාවකදී පැහැදිලිව ප‍්‍රකාශ කර තිබෙනවා.

එහෙත් එසේ තිබියදී ද්‍රවිඩ ජාතික සංවිධානයේ හිටපු මන්ත්‍රීවරයකු ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් පිළිගැනීමේ උත්සවයක් සඳහා මේ ආකාරයෙන් අනීතිකව පාසල් සිසුන් සම්බන්ධ කර ගැනීම බරපතළ තත්ත්වයක් බව ද සංගමය සඳහන් කරනවා.

වසංගත අවදානමක් සහිත තත්ත්වයක මේ ආකාරයෙන් පාසල් සිසුන් යොදවා ගැනීම හෙළා දකින එම සංගමය නැගෙනහිර පළාත් අධ්‍යාපන බලධාරීන් මෙවැනි තත්ත්වයක් ඇතිවීම සම්බන්ධයෙන් වගකිව යුතු බව ද පවසනවා.

තමන් මේ පිළිබඳව දැනුවත් නොමැති බවත් ඒ ගැන වහාම සොයා බලන බවත් මේ පිළිබඳව කළ විමසුමකට පිළිතුරු දෙමින් නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරිය සඳහන් කළා.

මෙම පිළිගැනීමේ උත්සවය පවත්වා ඇත්තේ පෙරේදා (12) යි.


No comments:

Post a Comment

Post Bottom Ad