ලංකා ප්‍රිමියර් ලීග් ආරවුලක් දුරදිග යයි : සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා නිසා කොළඹ පුහුණකරු එළියට දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 12, 2020

ලංකා ප්‍රිමියර් ලීග් ආරවුලක් දුරදිග යයි : සුපිරි තුන්ඉරියව් ක්‍රීඩකයා නිසා කොළඹ පුහුණකරු එළියට දමයි

ම්බන්තොට මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පුවත් මවන තැනක් බවට නැවත පත් වී තිබේ.

ඒ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවාව එම ධූරයෙන් ඉවත් කිරීමත් සමඟයි.

කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා ලෙස කටයුතු කළ දකුණු ආප්‍රිකානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක හර්ෂල් ගිබ්ස්ව එම තනතුරෙන් ඉවත් කිරීමට කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ කලමණාකාරීත්වය කටයුතු කර තිබේ.

එයට හේතුව වී ඇත්තේ එම කණ්ඩායම නියෝජනය කරන විදෙස් රටකින් පැමිණි සුපිරි තුන්ඉරියව් ක්‍රිකට් ක්‍රීඩකයෙකු සමඟ ආරවුලක් ඇති කර ගැනීම බව වාර්තා වෙයි.

විස්තර විචාරකයෙකු ලෙස ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක් වූ හර්ෂල් ගිබ්ස් පසුව දෙව් වයිට්මෝර්ගේ නොපැමිණීම නිසා හිස් වූ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වයේ පුරප්පාඩුව සඳහා පත් කරනු ලැබීය.

මේ වන විට කණ්ඩායමේ පුහුණුකාරීත්වය සඳහා මෙරට සුපිරි දඟ පන්දු යවන්නෙකු වූ සහ කලම්බෝ කිංග්ස් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරුවා ලෙස කටයුතු කළ රංගන හේරත්ව පත් කර ඇති බවටද සඳහන් වෙයි. 


No comments:

Post a Comment

Post Bottom Ad