පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

පාඨලී හෙළ උරුමය හණමිටිය බව කියයි

 
ජාතික හෙළ උරුමය සමග තමන්ට දැන් කිසිදු සම්බන්ධයක් නොමැති බව ජාතික හෙළ උරුමයේ හිටපු මහ ලේකම් පාඨලී චම්පක රණවක පවසයි.

ඉරිදා පුවත්පතක් සමග සාකච්ඡාවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කර තිබේ. ඒ ෙමෙසය

ප්‍රශ්නය : හෙළ උරුමයත් එක්ක ඔබට දැන් කිසිම සම්බන්ධයක් නැද්ද?

පිළිතුර : “පක්ෂයක් හැටියට කිසිම සම්බන්ධයක් නෑ. තමන්ගේ න්‍යාය පත්‍රය මොකද්ද කියල ඔවුන් අනාගතයේදී තීරණය කරාවි. මම විශ්වාස කරන දේ තමයි මේ රටේ විටින් විට සමාජයන් වෙනස් වෙනවා.

බෞද්ධ කතාවක් තියෙනවා අර හණ මිටිය කර ගහගෙන ගිය පුද්ගලයෙක්ගේ කතාව. කෙනෙකුට පුළුවන් හණ මිටිය දිගටම කර ගහගෙන යන්න. නමුත් හණ මිටියට වඩා වටින දෙයක් හමු වුණාම හණමිටිය බිමින් තියලා, ඒක අරගෙන යනවා.

මම ප්‍රායෝගිකවාදියෙක්. මම වටිනා දේවල් රැගෙන යන තත්වයේ ඉන්නෙ. මේ රටේ මිනිස්සුන්ගේ අවශ්‍යතාවන් ජාතික අවශ්‍යතාවන් අපි ගත්තොත් කාලෙන් කාලෙට වෙනස් වෙනවා………”

හෙළ උරුමයෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී රණවකට ඉදිරියේ දී සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයක් හිමි වනු ඇති බව වාර්තා වෙයි.


No comments:

Post a Comment

Post Bottom Ad