‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Sunday, December 27, 2020

‘ධම්මික පැණිය’ වට්ටෝරුව වාසු හෙලි කරයි.. වාසුගේ ගෙදරත් එම පැණිය හදයි.. පැණිය බොන්න ඔහුත් පෝලිමේ..

කැලණි ධම්මික බණ්ඩාර මහතාගේ කොරෝනා මර්ධන ඖෂධය ලබා ගැනීමට තමන්ද ඉතා කැමැත්තෙන් සිටිනා බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.
එය ලබා ගැනීම සඳහා දැනටත් ක්‍රියා කරමින් සිටින බවද ඒ මහතා පැවසීය.

කාලි මෑණියන්ගේ වරමකින් ලබාදුන්නේ ද නැද්ද යන නොව එහි අඩංගුව ගැන සොයා බැලීම වටිනා බවද පැවසූ ඔහු ඇතැමුන් විසින් මෙය විහිළුවක් බවට පත් කර ඇතැයි ද සඳහන් කළේය.

වරම ලැබුණේ කාගෙන්ද යන්නට වඩා එහි අඩංගුව ගැන සොයා බැලිය යුතු බවද කී ඔහු මී පැණි, සාදික්කා, කොත්තමල්ලි, අමු ඉගුරු යන්න එම ඖෂධයේ අඩංගුව බවද පැවසීය.

ඒ අනුව එම ඖෂධ යොදා තමන්ගේ නිවසේ ද එම පැණිය සාදමින් සිටින බවද ඔහු කියා සිටියේය.

සිය අමාත්‍යංශයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

No comments:

Post a Comment

Post Bottom Ad