විදේශයකට දෙනවා නම් දකුණු පර්යන්තය දෙන්න.. නැගෙනහිර පර්යන්තය දීම වලකන්න කල හැකි සියල්ල කරනවා.. - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, December 25, 2020

විදේශයකට දෙනවා නම් දකුණු පර්යන්තය දෙන්න.. නැගෙනහිර පර්යන්තය දීම වලකන්න කල හැකි සියල්ල කරනවා..

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විදේශ රටකට හෝ ආයෝජකයෙකුට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන් විරුද්ධ බව එම පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

විදේශයනට හෝ ආයෝජකයෙකුට අවශ්‍ය නම් දකුණු පර්යන්තය සමඟ කටයුතු කළ හැකි බවද කියා සිටියේය.

වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සමග මීට විරුද්ධව කළ හැකි සියලු දේ කරන බවද ඔහු සඳහන් කළේය.

තවදුරටත් මේ පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේය.

No comments:

Post a Comment

Post Bottom Ad