පළාත් සභා තියනවාද-මළසිරුරු භූමදානය කරනවාද - ජනපති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, December 28, 2020

පළාත් සභා තියනවාද-මළසිරුරු භූමදානය කරනවාද - ජනපති හදිසි පක්ෂ නායක රැස්වීමක් කැඳවයි

නාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද (28) සවස 6ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබේ.

මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සහ කොරෝනා මළසිරුරු භූමදානය කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ජා වනු ඇති බව ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

පසුගිය දා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීකදී පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් කැබිනට් ප්‍රතිකාවක් ඉදිරිපත් වූ අවස්ථාවේදී මත 2ක් ඉදිරිපත් වූ අතර පසුව ජනාධිපතිවරයා කියා සිටියේ විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගත යුතු බවය.

ඒ අනුව අද මෙම විශේෂ පක්ෂ නායක රැස්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය.


No comments:

Post a Comment

Post Bottom Ad