ලංකාවේ කොරෝනා එන්නත කලින්ම විදගන්න අය මෙන්න | Corona Vaccine - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, December 26, 2020

ලංකාවේ කොරෝනා එන්නත කලින්ම විදගන්න අය මෙන්න | Corona Vaccine


ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ශ‍්‍රී ලංකාවට ලබාදීමට නියමිත කොවිඞ් 19 රෝග පාලන එන්නත පළමුව එන්නත් කරනු ලබන්නේ මෙම රෝගය වැළඳීම නිසා මියයෑමේ අවදානමක් ඇති විය හැකි පුද්ගලයන්ට බව සෞඛ්‍ය ඇමැති පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 
ඒ අනුව දියවැඩියාව, හෘදයාබාධ, වකුගඩු රෝග, පිළිකා, නිදන්ගත රෝග වැනි කොවිඞ් රෝගය වැළඳීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්විය හැකි රෝග වලින් පෙළෙන පුද්ගලයනට පළමුව මෙම එන්නත ලබාදෙන බව ඇමැතිවරිය සඳහන් කළාය. දෙවනුව කොරෝනා මර්දන කටයුතුවල යෙදෙමින් රෝගය ආසාදනය වීමේ අවදානම් සහිත රැකියාවල නිරත සෞඛ්‍ය සේවකයන් සහ ආරක්ෂක අංශ සාමාජිකයන් වෙත ලබාදෙන බවත් පැවසූ ඇමැතිවරිය ඒ අනුව මෙරට ජනතාවගෙන් පහෙන් එකකට මෙම එන්නත ලබාදිය හැකි බවද කීවාය.

මෙම එන්නත 2021 වසර ඇතුළත ශ‍්‍රී ලංකාවට නොමිලේ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟ වී ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad