මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා - නිෂාරා ජයරත්න කඳුළු සලමින් සංවේදී වෙයි - කොමිසමෙන් සමාව අයදියි | Nishara Jayarathne - විගස පුවත් - Vigasapuwath

Breaking

Tuesday, December 22, 2020

මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා - නිෂාරා ජයරත්න කඳුළු සලමින් සංවේදී වෙයි - කොමිසමෙන් සමාව අයදියි | Nishara Jayarathne

මගේ නමට අපහාසයක් වෙන්න දෙන්න එපා

නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න පාස්කු කොමිසම ලබාදුන් අවවාද නොසලකා එම කොමිසමට අපහාස කළ බවට නැගුණු චෝදනා සම්බන්ධයෙන් අභියාචනාධිකරණය හමුවේ ඉදිරි නෛතික පියවර නොගැනීමට ජනාධිපති කොමිසමේ බහුතර මතය අනුව ඊයේ (21 වැනිදා) තීරණය වුණා.

මෙම තීරණය ප්‍රකාශයට පත් කිරීමට පෙර නීතිපති සම්බන්ධීකරණ නිලධාරිනිය ජනාධිපති කොමිසම හමුවේ කඳුළු සලමින් සංවේදී වූවා.

ඇය කඳුළු සලමින් සංවේදී වී ප්‍රකාශ කළේ කොමිසමට අපහාස කළා කියන පුවත මාධ්‍ය මගින් පළ කිරීමෙන් තමාගේ නමට අපහාස වීමට ඉඩනොදෙන ලෙසයි. තමා කොමිසමෙන් සමාව ගන්නා බවද පැවසුවා.

නිෂාරා ජයරත්න කොමිසම හමුවේ ඉකුත් බ්‍රහස්පතින්දා සහ ඊයේ (21 වැනිදා) ලබාදුන් අවවාද නොසලකා හරිමින් කටයුතු කිරීම සම්බන්ධයෙන් කොමිෂන් සභා පනත සහ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව අභියාචනාධිකරණය ට වාර්තා කළ යුතු බව කොමිසමේ සභාපති විනිසුරුවරයාගේ මතය බව සභාපතිවරයා කියා සිටියා.

ඒ අනුව රජයේ අධිනීතිඥ නිෂාරා ජයරත්න ජනාධිපති පරීක්ෂණ කොමිසමට අපහාස කළේද නැද්ද යන්න පිළිබඳව එම කොමිසමේදී බෙදුණු මතයක් ප්‍රකාශ වුණා.

නමුත් කොමිසමේ බහුතර මතය ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරුවරයා සහ සාමාජික කොමසාරිස්වරිය පවසා සිටියේ සාක්ෂිකාරිය කොමිසමට අපහාස කර ඇති බවට කීමට ප්‍රමාණවත් කරුණු නොමැති බැවින් රජයේ නීතිඥ නිෂාරා ජයරත්න කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් බවට ප්‍රකාශ කිරීම යුක්ති සහගත නොවන බවයි.


No comments:

Post a Comment

Post Bottom Ad