රොහාන් පල්ලේවත්ත සජිත් සමග එකතුවෙයි | Rohan Pallewatta - විගස පුවත් - Vigasapuwath

Breaking

Thursday, December 24, 2020

රොහාන් පල්ලේවත්ත සජිත් සමග එකතුවෙයි | Rohan Pallewatta

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය නියෝජනය කරමින් පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂක නීතීඥ රොහාන් පල්ලේවත්ත මහතා සමගි ජන බලවේගය සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.

ඒ මහතා අද (24) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත. 

ඒ අනුව ඔහු, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ද පත්වනු ඇති බවත් සමගි ජන බලවේගයේ විදේශ ප්‍රතිපත්ති සහ විදේශ වෙළෙඳ ප්‍රතිපත්ති සම්පාදක මණ්ඩලයේ ප්‍රධානියෙකු ලෙස ද ඔහුට වගකීම් පැවරෙන බව සමගි ජනබලවේගය සඳහන් කරයි.

සමගි ජන බලවේගය වැඩි දුරටත් සඳහන් කරන්නේ, එහි වෘත්තියවේදී සංගමයේ ප්‍රධානියෙකු මෙන් ම ප්‍රධාන උපදේශකයෙකු ලෙස ද ඒ මහතා ට වගකීම් පැවරෙන බවය.

බියගම නිදහස් වෙළඳ කලාපයේ ක්‍රියාත්මක ආයෝජන මණ්ඩලය (BOI) අනුමත ආරම්භක උසස් තාක්ෂණික සමාගමක් වන ලංකා හාර්න්ස් (Lanka Harness) සමාගමේ විධායක සභාපති ලෙස රොහාන් පල්ලෙවත්ත මහතා කටයුතු කරයි.


No comments:

Post a Comment

Post Bottom Ad