13 පූර්ණව ක‍්‍රියාත්මක කරනු.. බලය බෙදනු - ඉන්දීය විදේශ ඇමති කෙලින්ම කියයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 6, 2021

13 පූර්ණව ක‍්‍රියාත්මක කරනු.. බලය බෙදනු - ඉන්දීය විදේශ ඇමති කෙලින්ම කියයි

මෙරට දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීමට 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර අර්ථවත් බලය බෙදාහැරීමක් සිදු කළ යුතු යැයි ඉන්දීය විදේශ කටයුතු ඇමැති එස් ජයශංකර් මහතා සඳහන් කරයි.

නොබෙදුණු එක්සත් ලංකාවක දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු වීම පිළිබඳව ඉන්දියාව අවධානයෙන් පසුවන බව ද ඒ මහතා පැවසීය.

තම නිල ශ‍්‍රී ලංකා සංචාරය අතරතුරදි ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යවරයා සමඟ කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේ දී ය.

ශ්‍රී ලංකාවේ එක්සත්කම ස්ථාවරත්වය සහ භෞමික අඛණ්ඩතාව වෙනුවෙන් ඉන්දියාව දැඩි සේ කැපවී සිටින බව ද පැවසූ ඔහු ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලියට දිගු කලක් තිස්සේ සහයෝගය ලබාදෙමින් සිටින බවද සඳහන් කළේය.

දහතුන්වන සංශෝධනය ඇතුළුව අර්ථවත් බලය බෙදාහැරීමකින් ‍ශ‍්‍රී ලංකාවේ ප්‍රගතිය හා සමෘද්ධිය නිසැකව ඉදිරියට යනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ඔහු එහිදී තව දුරටත් කියා සිටියේය.


No comments:

Post a Comment

Post Bottom Ad