ප්‍රබල ඇමතිකම් කිහිපයක වෙනසක්. කැබිනට් සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට පෙර ? - විගස පුවත් - Vigasapuwath

Breaking

Monday, January 11, 2021

ප්‍රබල ඇමතිකම් කිහිපයක වෙනසක්. කැබිනට් සංශෝධනය මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට පෙර ?

මීළඟ පාර්ලිමේන්තු රැස්වීමට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුකෙරෙනු ඇති බව රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි. 

මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය පසුගිය දෙසැම්බර් මාසයේදී සිදුකිරීමට රජයේ ප්‍රධානීන් සූදානම්ව තිබුණ ද විවිධ හේතු මත එය ප්‍රමාද වන ආකාරයක් දක්නට ලැබිණි. 

ඒ අනුව ජනවාරි 19 වනදාට පෙර අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදුකිරීම සඳහා කටයුතු සූදානම් කෙරෙමින් පවතින අතර ප්‍රබල අමාත්‍ය තනතුරු කිහිපයකම වෙනසක් මෙහිදී සිදුවනු ඇති බවයි රජයේ ආරංචිමාර්ග සඳහන් කළේ. 

විශේෂයෙන්ම වරාය, සෞඛ්‍ය සහ අධිකරණ අමාත්‍ය ධුරයන් අවදානම් සීමාවේ පසුවන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ. 

lankanewsweb


No comments:

Post a Comment

Post Bottom Ad