නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ජනපති සමග පැවති සාකච්ඡා අසාර්ථකයි… වෘත්තීය සමිති නැවතත් සටනට - විගස පුවත් - Vigasapuwath

Breaking

Wednesday, January 13, 2021

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ජනපති සමග පැවති සාකච්ඡා අසාර්ථකයි… වෘත්තීය සමිති නැවතත් සටනට

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක බව වෘත්තීය සමිති නියෝජිතයින් පවසයි.

වරාය වෘත්තීය සමිති නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර සාකච්ඡාව ඊයේ  (13) දහවල් ජනාධිපති කාර්යාලයේදී පැවැත්විනි.

 සාකච්ඡාවට කොළඹ වරායේ වෘත්තීය සමිති නියෝජිතයින් 12 දෙනෙකු සහභාගී වී සිටි බව වාර්තා වේ.

 අප වාර්තාකරු පැවසුවේ ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් වූ බව වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන්කළ බවය.


No comments:

Post a Comment

Post Bottom Ad