නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය බිළිදීමේ සූදානමක් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය බිළිදීමේ සූදානමක්

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට විකිණීමේ ආණ්ඩුවේ උත්සාහය පරාජය කිරීම සඳහා සමස්ථ වරාය සේවකයන් වෘත්තීය සටන් බිමට අවතීර්ණව ඇති මොහොතේ එම සටන් ක්‍රියාමාර්ග ඇතුලතින්ම අල කර දැමීමේ උත්සාහයක් ආණ්ඩුව විසින් ගනිමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන් කිහිපදෙනෙකු හමුවී ඇති බැසිල් රාජපක්ෂ විසින් කොළඔ වරායේ නැගෙනහිර ජැටිය වෙනුවට සම්පූර්ණ බටහිර ජැටියම ඉන්දියාවට විකිණිමේ යෝජනාව ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

එම යෝජනාවට එකඟතාවයක් වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගෙන් ලැබී ඇති අතර ඒ අනුව ඊයේ වරාය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදි ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගේ පෙර පැවති මරාගෙන මැරෙන ටෝන් එක වෙනස් වී ඔවුන්ගේ විරෝධය ඇත්තේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පමණක් යන ස්ථාවරයට මාරු වී ඇති අයුරු නිරීක්ෂණය වූ බව වරාය සේවකයෝ පවසති.

බැසිල් රාජපක්ෂ හා ඇතිවූ එකඟතාවය මත වරායේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති නායකයන්ගේ අනුදැනුම අනුව ඊයේ උද්ඝෝෂණ භූමියට පැමිණි අමාත්‍ය නාලක ගොඩහේවාට වරාය සේවකයන්ගේ බලවත් විරෝධය මත එම ස්ථානයෙන් නික්ම යාමට සිදුවිය.
-lankatruth

No comments:

Post a Comment

Post Bottom Ad