දේව බලයෙන් වික්ටර්ට යලි කටහඬ දුන්නායැයි කීම අමු බොරුවක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 30, 2021

දේව බලයෙන් වික්ටර්ට යලි කටහඬ දුන්නායැයි කීම අමු බොරුවක් – විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්

අපේ රටේ සුවහසක් ජනතාවගේ ප්‍රේක්ෂක ආකර්ශනය දිනා ගත් ප්‍රවීන ගායකයකු වන වික්ටර් රත්නායක මහතාට දේව ආශිර්වාදයෙන් අහිමි වී තිබූ කටහඬ ආගමික නිකායක යාඥාවක් මගින් ඔහුට ලබා දුන් බවට එම ආගමික නිකායේ අනුගාමිකයින් විසින් ප්‍රචාරය කරමින් සිටී.

පසුගිය දිනෙක පවත්වනු ලැබූ එක්තරා ආගමික නිකායක යාඥාවකදී වික්ටර් රත්නායක මහතා නැවත වේදිකාවේ ගායනය කළ හැකි ආකාරයෙන් සුවපත් කරනු ලැබූ බව පවසමින් නිකුත් කර තිබෙන වීඩියෝ පටයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර ඒ පිළිබඳව කළ විමසීමකදී කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා අදහස් පළකර තිබේ.

මේ සම්බන්ධයෙන් වෛද්‍යවරයා දැක්වූ අදහස් මෙසේය…

“කටහඬ අහිමි වීම නිසා හෝ වෙනස් වීම නිසා හෝ කතා කරන්න බැරිව සිටින අය නැවත කතා කරවන අය ලොව කිසිම තැනකින් වාර්තා වී නැහැ. දේව හෝ භූත බලයක් මඟින් කටහඬ ලබා දිය හැකි යැයි පැවසීම බොරුවක්. තම අනුගාමිකයින් පිනවීමටත්, තම ආගමික මතවාදයන් ප්‍රචාරය කිරීමටත් ඔවුන් හිතා මතා වංචාවන් සිදු කරනවා. කටහඬ අහිමි වීමට කායික සාධක වගේම මානසික හේතුන් බලපානවා. විශේෂයෙන්ම මානසික ගැටලුවකට පත්ව සිටින විටදි කටහඬ පිළිබඳව අධික බලාපොරොත්තුවක් ඇතිව සිටින විටදි කායික ප්‍රශ්නයක් නැතුව හෝ තිබෙන ප්‍රශ්නයට අමතරව මානසිකව කටහඬ නිති වී යා හැකියි. වික්ටර් රත්නායක කියන්නේ මේ වනවිට වයෝවෘද්ධව සිටින ගායකයෙක්. එතුමා මීට පෙර ගානයා කළ ආකාරයට ගායනා කිරීමේ හැකියාවක් නැහැ. ඔහුගේ කටහඬේ තීව්‍රතාව අහිමි වීම ස්වාභාවික ක්‍රියාවලියක්. ඔහුට කටහඬ නැතිව යන්නේ psychological aphonia කියන හේතුව නිසා.”

මේ වනවිට වික්ටර් රත්නායක මහතා 80 වැනි වියට ආසන්නයේ සිටී.


No comments:

Post a Comment

Post Bottom Ad