තවත් සිරකරුවන් පිරිසකට ජනපති සමාව - අද සිට සිරකරුවන් මුදාහරී ! - විගස පුවත් - Vigasapuwath

Breaking

Saturday, January 9, 2021

තවත් සිරකරුවන් පිරිසකට ජනපති සමාව - අද සිට සිරකරුවන් මුදාහරී !

ඩ මුදල් ගෙවීමට නොහැකිව බන්ධනාගාර ගතව සිටින සියලු සිරකරුවන් ජනාධිපතිවරයා විසින් විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස් කිරීමට පියවර ගෙන තිබේ.

කොවිඩ් නයින්ටීන් වසංගත ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය.

අද (09) දිනයේ සිට එම සිරකරුවන් මුදාහැරීමේ කටයුතු සිදුකෙරෙන අතර ඔවුන් පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කිරීමෙන් අනතුරුව බන්ධනාගාරවලින් මුදාහැරීමට කටයුතු කෙරෙන බව වාර්තා වේ.

ඔවුන් ආසාදිතයින් නොවන බවට තහවුරු වීමෙන් පසුව සිරකරුවන් නිදහස් කෙරෙන අතර ඒ පිළිබඳව ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකරුවන් සහ පොලිස් ස්ථානාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


No comments:

Post a Comment

Post Bottom Ad