පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලංකාවේ තිදෙනකුට ඇමරිකාව නඩු දමයි - විගස පුවත් - Vigasapuwath

Breaking

Friday, January 8, 2021

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ලංකාවේ තිදෙනකුට ඇමරිකාව නඩු දමයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුකල අයි එස් සංවිධානයේ ආධාරකරුවන් වීමේ චෝදනාව මත ශ්‍රී ලාංකිකයන් 03 දෙනෙකුට අමෙරිකාවේ අධිකරණයක් හමුවේ චෝදනා ගොණු කර තිබේ. මොහොමඞ් නවුෆර්, මොහොමඞ් අන්වර් මොහොමඞ් රිස්කාන් සහ අහමඞ් මිල්හාන් හයාදු මොහොමඞ් යන 03 දෙනාට එරෙහිව මෙලෙස අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇත්තේ ලොස් ඇන්ජලීස් දිස්ත්‍රික් අධිකරණය හමුවේදීය.

අයි එස් මතවාදය ප්‍රචලිත කිරීම, පුහුණු සැපයීම සහ පුපුරණ ද්‍රව්‍ය නිපදවීම ඇතුලු චෝදනා කිහිපයක් යටතේ මොවුන්ට චෝදනා පවතින බව සඳහන් වේ.

2019 වසරේ අප්‍රේල් 21 වනදා එල්ල වු පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් මියගිය 268 දෙනා අතර අමෙරිකානුවන් 05 දෙනෙකුද විය.


No comments:

Post a Comment

Post Bottom Ad